පළමුව ත්‍රස්තවාදය අවසන් කර දෙවනුව ජනපතිවරණය ගැන කතා කරමු


එජාප පසුපෙළින් ජ්‍යෙෂ්ඨයන්ට දෝස්මුරයක්

(දේශපාලන ලියුම්කරු)  

ඇති වී තිබෙන ත්‍රස්තවාදී තර්ජනය පළමුව අවසන් කර දෙවනුව ජනාධිපති අපේක්ෂකයා ගැන කතා කරමු යැයි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර තිබේ.  

පක්ෂයේ ඇතැමුන් මේ අවස්ථාවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන කතා කරන බවත් ජනතාවට එවැනි ප්‍රශ්නයක් නැති බවත් මෙම මන්ත්‍රීවරුන් එහිදී කියා ඇත. ජනතාව ඉන්නේ ත්‍රස්තවාදී ප්‍රශ්නයකින් පීඩිතව බව සමහර දේශපාලකයන්ට නොතේරෙන බව ද මෙම මන්ත්‍රීවරුන් පවසා තිබේ.  
“එක එක්කෙනා විවිධ කතා කියනවා. මේක රටේ ප්‍රශ්නයක් තියෙන වෙලාව. ඒ ගැන කතා කරන්නෙ පක්ෂයේ ඉතාම සුළු පිරිසයි. සමහර ජ්‍යෙෂ්ඨයන් මේ රටේ ඇති වී තිබෙන ප්‍රශ්නය ගැන කතා කරන්නෙම නෑ” යැයි ද අදහස් පළකර ඇති පසුපෙළ මන්ත්‍රීවරුන් පවසා තිබේ.