පසුගිය රජයට හිතවත් නිලධාරීන් අපේ ව්‍යාපෘතිවලට අකුල් හෙළනවා - ඇමැති රාජිත


(දයාසීලි ලියනගේ)   
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හැර අනෙකුත් නිලධාරීන් පසුගිය රජය සමග සිටි අය නිසා ඔවුන් යටි අරමුණකින් ක්‍රියාකරමින් රජයේ කටයුතු අඩාළ කරනවාද යන සැකය පවතින බව ඇමැති රාජිත සේනාරත්න මහතා අමාත්‍ය මණ්ඩලයේදී දෝෂාරෝපණය කර ඇත.   

සෞඛ්‍ය ආයෝජන 49ක් ගෙන්වා ඇතත් ඒවාට මෙතෙක් අනුමැතිය නොලැබීම පිළිබඳව කරුණු පෙන්වමින් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය ඇතැම් ආයෝජනවල නිරීක්ෂණවලට විරෝධය දක්වා තිබෙන බවයි.   


මේ පවතින තත්ත්වය නිසා ආයෝජන පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විශේෂ කොමිටියක් පත් කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමැති මංගල සමරවීර, පාඨලී චම්පික රණවක හා සරත් අමුණුගම යන මහත්වරු මෙම කොමිටියට පත් කර සිටිති. සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා අදාළ කමිටුවට උපදෙස් දී ඇත.