පරිසරයට හානි කළ තුන්සීයක් අත්අඩංගුවේ


(දයාසීලි ලියනගේ)  

පරිසරයට හානි කිරීමේ චෝදනා මත පුද්ගලයන් 300 කට විරුද්ධව මේ වෙන විට අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.  


ආනවිලුන්දාව කඩොලාන රක්ෂිතය ඩෝසර් කිරීමේ සිද්ධියේ සිට මේ දක්වා පරිසරයට හානි කිරීමේ චෝදනා මත මෙම පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඇමැතිවරයා කීය.  

පසුගිය මාස කීපය තුළ වන විනාශය හා පරිසර හානි විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බැවින් මෙම හානිය වළක්වා ගැනීමට සියලුම ගම්වල පරිසර කමිටු පිහිටුවීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය. 
රටපුරා පිහිටි ගම්මාන 14300 ට පරිසර කමිටු පිහිටුවනු ලබන අතර තම ගම්මානවල සිදුවන පරිසර හානි පිළිබඳව ඒ මොහොතේම අදාළ අංශවලට දැනුම් දීමේ අවස්ථාව මෙම කමිටුවලට හිමිකර දෙනු ලබන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.