පරිගණක අපරාධ මඬින්න පළාත් මට්ටමින් කාර්යාල 9ක්


 

(නිමන්ති රණසිංහ)   
ශීඝ්‍රයෙන් වර්ධනය වෙන පරිගණක අපරාධ මැඩ පැවැත්වීම සඳහා ‘‘පරිගණක අපරාධ විමර්ශන ඒකක’’ නවයක් දිවයිනේ පළාත් නවය තුළ විවෘත කිරීමට සූදානම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   

එහි පළමු පියවර වශයෙන් මධ්‍යම පළාත් ‘‘පරිගණක අපරාධ විමර්ශන ඒකකය’’ ලබන 04 වැනිදා විවෘත කෙරෙයි. ඒ සමගම වෙබ් අඩවියක් ද විවෘත කෙරෙන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.   

දෙවැනි විමර්ශන ඒකකය දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් මාතර නගරයේ විවෘත කිරීමට ද නියමිතව ඇත.   


මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් මෙන්ම ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය සහ පුහුණු ඒකකයක් ද මෑතකදී පිහිටුවා ඇත.