පක්ෂ 15ක මන්ත්‍රීවරු මෙවර පාර්ලිමේන්තුවේ


 

(දයාසීලි ලියනගේ)  

දේශපාලන පක්ෂ 15ක මන්ත්‍රීවරු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.  


මෙම දේශපාලන පක්ෂවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා නව කතානායකවරයා පත්වීමෙන් පසු තීරණය කරනු ලබන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් නීල් ඉද්දවෙල මහතා කීය.  

පාර්ලිමේන්තුවේ දැනට ඇමැති කාර්යාල 25ක් ඇති අතර මීට අමතරව පොදු ජන පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සංධානය යන පක්ෂ සඳහා තුන්වැනි මහලේ කාර්යාල පිහිටුවා තිබුණි. 

 
මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින දේශපාලන පක්ෂ 15ටම කාර්යාල පහසුකම් ලබාදීම ගැටලුවක් බව ද සඳහන් වේ.