නීතියට පිටින් යන ඕනෑම කෙනෙක් මට්ටු කිරීමේ පූර්ණ බලය පොලිසියට


(දයාසීලි ලියනගේ)
ඕනෑම පුද්ගලයකු නීතියට පිටින් කටයුතු කරනවා නම් ඊට එරෙහිව ක්‍රියා කිරීමේ සම්පූර්ණ වගකීම පොලිසියට පැවැරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.


කුමන ජාතියකට හෝ ආගමකට සම්බන්ධ කිසිම පුද්ගලයකුට නීති උල්ලංඝනය කිරීමට අවස්ථාව ලබා නොදී ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවට ද අග්‍රාමාත්‍යවරයා තදින්ම උපදෙස් දී ඇත. 


බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහගෙන එය අසාර්ථක වූ පසු ඇතැම් පිරිස් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බැවින් එවැනි ක්‍රියාවලට කිසිසේත් ඉඩ ලබා නොදිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.