නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි ගන්නවාමයි


සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි   

 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට වූ හානිය සඳහා අවශ්‍ය වන්දි මුදල් ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරන බව සමුද්‍රිය පරිසර අාරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය පවසයි.   

නෞකාව මුහුදු තීරයෙන් පිටත්ව ගියද අන්තර් ජාතික සිවිල් වගකීම පිළිබඳ වූ සම්මුතියට අනුව එම සමාගම විසින් මෙසේ වන්දි මුදල ගෙවීමට බැඳී සිටියි.   


ඒ නිසා අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි. දර්ශනී ලහඳුපුර මහත්මිය සඳහන් කළාය.   


ඒ අනුව සමුද්‍ර පරිසර හානියට වූ වන්දි මුදල ලබා ගැනීම සඳහා ඉදිරියට ක්‍රියා කරන බව සඳහන් කළ ඇය ශ්‍රී ලංකාවද එම සම්මුතියට ඇතුළත්ව සිටින බවද සඳහන් කළාය.   


කෙසේ වෙතත් මෙම කටයුතු පවත්වාගෙන යාමට පහසු නොවුනත් කෙසේ හෝ එම මුදල් අයකර ගැනීමට කටයුතු කෙරේ.   


මෙය ලංකාවට ඉතා හොඳ අත්දැකීමක් වගේම මෙවැනි සිද්ධියකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව බවද ඇය සඳහන් කළාය.