නාවින්න-වියලේන්දිරන් රජයට එක්වෙති


(අජන්ත කුමාර අගලකඩ)  

එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා සංස්කෘතික කටයුතු අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන කැබිනට් ඇමතිවරයා ලෙස ද දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වියලේන්දිරන් මහතා නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය ඇමති ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරි​ෙස්න මහතා ඉදිරියේ පෙරේද‌ා (02) දිවුරුම් දුන්හ.

ඒ අනුව නව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රාජ්‍ය ඇමතිවරුන් ගණන 7ක් වේ.  


නියෝජ්‍ය ඇමතිවරුන් ගණන අට දක්වා ඉහළ ගොස් ඇත.