නාවින්න-දුනේෂ්-අශෝක යළි එජාපයට ?


(අජන්ත කුමාර අගලකඩ)  

මහින්ද රාජපක්ෂ රජයට ඉකුත්දා සම්බන්ධවූ එස්. බී. නාවින්න, දුනේෂ් ගන්කන්ද, අශෝක ප්‍රියන්ත යන තිදෙනා යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තා වේ.  

එස්. බී. නාවින්න මහතා අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන ඇමැතිවරයා ලෙස ද අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන (වයඹ) නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ද දුනේෂ් ගන්කන්ද මහතා ඉඩම් නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද ඉකුත් කාලයේ පත් කර සිටියහ.  


මේ තිදෙනා යළි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.