නාමල්-ලිමිනි විවාහ උළෙල වීරකැටියේ


(අජන්ත කුමාර අගලකඩ)  

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සහ ලිමිනි වීරසිංහ මෙනවියගේ විවාහ මංගල උත්සවය ලබන මස 12 වැනිදා වීරකැටිය මැදමුලනේදී පැවැත්වේ.  

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අතගන්නා ලිමිනි, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වේ.  මංගල උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන් විශාල පිරිසකට දැනටමත් ආරාධනය කර ඇත. හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් 2010 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර මුල්වරට පාර්ලිමේන්තුවට පත්වූ අතර, ඔහු 2015 වසරේ අගෝස්තු මස පැවැති මැතිවරණයෙන් ද ජයග්‍රහණය කර, පාර්ලිමේන්තුවට පත්විය.