නාමයෝජනා කැඳවන දිනය 27 වැනිදා කියයි


පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා දැන්වීම මේ මස 27 වැනිදා නිකුත් කිරීමට මැතිවරණ කොමිසම පසුගිය සිකුරාදා (17) තීරණය කරනු ලැබීය.


ඒ අනුව අදාළ යෝජනා දැන්වීම නිකුත් කිරීමට තේරීම් බාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

තේරීම් බාර නිලධාරීන් පිළිබඳ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට ද කොමිසම තීරණය කර අැත. පළාත් පාලන මැතිවරණ පනතට අනුව නාමයෝජනා දැන්වීම සිදු කරන ලබන 27 වැනි දින සිට දින 14කට පසු නාමයෝජනා කැඳවීම ආරම්භ කරනු ලබන බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


මැතිවරණ කොමිසම මගින් ඡන්දය සඳහා නාමයෝජනා කැඳවීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවත් අභියාචනා අධිකරණයේ ගොනුකර ඇති පෙත්සමක් නිසා මැතිවරණය ළඟදීම පැවැත්වීම අවිනිශ්චිතව ඇත. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව සඳහන් කර නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරන ලෙසට ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, ලබන 22 වැනිදා එය විභාගයට ගැනීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමට නියමිතය.