නාම යෝජනා දීමට පෙර එජාපය අපේක්‍ෂක වත්කම් තෝම්බු ගනියි


(දයාසීලි ලියනගේ)  
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට පෙර සියලුම අපේක්‍ෂකයන්ගේ පොලිස් වාර්තා හා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.  

දේශපාලනයට පිවිසෙන පුද්ගලයන්ට ආදර්ශවත් චරිතයක් තිබිය යුතු නිසා, මෙම තොරතුරු සොයා බැලීමකින් තොරව නාමයෝජනා ලබා නොදෙන ලෙසට පක්‍ෂයේ නායක, රනිල් වික්‍රමසිංහ මහතා තරයේ උපදෙස් දී ඇත.  


පක්‍ෂය පිරිසිදුව ඉදිරියට යාමට නම් අපේක්‍ෂකයන් වංචා දූෂණවලට චූදිතයන් නොවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයාගේ අදහස වී ඇත.  
එබැවින් අනාගතයේ දී පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන් වඩාත් පිරිසිදු චරිතයකින් දේශපාලනය ඇරඹිය යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.