නවකයාත් එක්ක මනාපෙට හැප්පෙන නියෝජ්‍ය ඇමැති


රටක හැටි 

පිපීගෙන එන පක්ෂයක නියෝජ්‍ය ඇමැතිවරයෙක් තම ප්‍රදේශයට අයත් තම පක්ෂයෙන්ම ඡන්දය ඉල්ලන නවකයකු සමග දැනටම යුද්ධය ප්‍රකාශ කර ගෙන ඇති බව වාර්තා වේ. යුද්ධය කොතරම් උග්‍රවී ද යත් ප්‍රශ්නය නීතිය රකින තැන්වලටත් ගිහින් බව දැනගන්නට ඇත. ගජ පොහොසතකු වන නවක දේශපාලකයා අත දිගහැර වියදම් කර තමාගේ ප්‍රචාරක කටයුතු කරන බව ද වාර්තා වේ. නියෝජ්‍ය ඇමැති තැනටකේන්ති ගොස් ඇත්තේ මේ නිසාය.  දෙදෙනා අතර නිතර වාග් ප්‍රහාර එල්ල ​ෙවනවා පමණක් නොව දෙදෙනාගේම ගෝලබාලයන් අතපය ඔසවා ගෙන ප්‍රශ්න බේරාගන්න බව ද කියති.