නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ පාර්ලිමේන්තුවේදි ඉඩක් නෑ


ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව තිබුණද මේ පාර්ලිමේන්තුව තිබෙන තුරු එය ගෙන ඒමට නොහැකි බවත් ඒ සඳහා නිසි කාල වකවානුවක් නොමැති බවත් පාර්ලිමේන්තු සංයුතියට එය නොගැළපෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.  

ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නම් පළාත් සභා දැනුවත් කළ යුතු වුවද දැනට පළාත් සභාවල නිල කාලය අවසන්වී ඇති බවත් ඒ නිසා කඩිනමින් ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.  නව ව්‍යවස්ථාව පෙබරවාරි 04 වැනිදාට පෙර ගෙන ඒමට හැකි බවට විවිධ අය ප්‍රකාශ කළද පවතින තත්ත්වය හමුවේ එවැන්නක් ගෙන ඒමට නොහැකි බව ඔහු පෙන්වා දෙයි.