නව ව්‍යවස්ථාව ගැන බලාපොරොත්තු බ්ඳ වැටිලා


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

නව ව්‍යවස්ථාවක් ගැන තිබූ බලාපොරොත්තු මේ වනවිට ගිලිහී ගිය තත්ත්වයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.  

එම අවස්ථාව මග හැරීයාම ඉතා කනගාටුවට කරුණක් වන අතර මැතිවරණයක් ඉදිරියේදී පැවැත්වීමට සූද‌ානම් වෙන මොහොතක මෙවැනි ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම ප්‍රහේළිකාවක් බව ද එම කොංග්‍රසය සඳහන් කරයි.  
මැතිවරණ පවත්වන ආකාරය ගැන ද මේ වන විට ගැටලුවක් මතු වී තිබේ.  20 වැනි සංශෝධනය පිළිබඳව ද විවෘත මනසකින් කටයුතු කරන බවත් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බව ද එම පක්ෂය සඳහන් කරයි. කෙසේ වෙතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමේ අවස්ථාව ගිලිහී යාම කනගාටුවට කරුණක් බව ද එම මුස්ලිම් කොංග්‍රස් ප්‍රකාශකයෙක් පැවසීය.