නව ආදායම් බදු පනත සිකුරාදා මැතිසභයට


(දයාසීලි ලියනගේ)   
නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන සිකුරාදා (25) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.   

පසුගිය බ්‍රහස්පතින්දා (17) සිට භාණ්ඩ කීපයක බදු සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ වෙනුවට තවත් බදු විශාල ප්‍රමාණයක් මෙම පනතින් පැනවෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන 
මහතා කීය.   


එම පනත් කෙටුම්පත අනුමත වීමත් සමග පූජනීය ස්ථානවලට පවා බදු පැනවෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.   


වර්ෂ 2006දී මහින්ද රාජපක්ෂ සමයේදී බදු සහන සැලසීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කර පිටු 44ක වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර දැන් ඒ බදු සහන කපා දමා පිටු 2ක වාර්තාවක් සකස් කර ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා කීය.