නව ආණ්ඩුකාරවරු පස් දෙනෙක්


(අජන්ත කුමාර අගලකඩ)

පළාත් 05 ක් සඳහා පත් කෙරුනු නව ආණ්ඩුකාරවරු සිකුරාදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි මහතා ද මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා ද උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා ද වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතා ද නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ද පත්ව සිටිති.