නඩු ලක්ෂ හත හමාරක් ගොඩගැහිලා


(දයාසීලි ලියනගේ)  

මේ වනවිට සියලු අධිකරණවල 7,50,000ක නඩු ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වේ.  


මෙම නඩු අතර අවුරුදු 10කට වඩා පැරණි නඩු ද පවතින බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.  


මෙම නඩු ගොඩගැසීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතුව ඇතැයි ද ඇමැතිවරයා කීය.  


පසුගිය අවුරුදු 10ක කාලය තුළ මෙම ගොඩගැසී 


ඇති නඩු විසඳාලීම සඳහා වහාම පියවරක් ගතයුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.