ධීවර වරාය ආශ්‍රිතව කොරෝනා පොකුරු මතුවිය හැකියි


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය  

 

(අසුන්තා එදිරිසූරිය)  

එළඹෙන සතියේ දී මෙරට ධීවර වරාය ආශ්‍රිතව කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වීම සීඝ්‍ර ලෙස වැඩි විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි.  

දෙසින් විශාල පිරිසක් පැමිණෙන බැවින් ඔවුන්ට වයිරසය ශරීරගත වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි විය හැකි බව ද ඔහු කීය.  


හලාවත ඇතුළු රට පුරා ධීවර වරායවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලට මසුන් ගෙන එන බැවින් දිවයිනේ නන් දෙසින් රෝගීන් වාර්තා වීමට වැඩි ඉඩක් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.