දේශීය ආර්ථිකය දියුණු කරන්න අමාත්‍ය අනුකමිටුවක්


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

කොවිඩ් 19 වයිරසය හමුවේ ලෝක ආර්ථිකය මෙන්ම දේශීය ආර්ථිකය ද කඩාවැටී ඇති මේ මොහොතේ දේශීය කර්මාන්ත දියුණු කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කෙරේ.  


මෙහි සභාපතිත්වය දරන්නේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතායි.

සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත්කර තිබේ.  


විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකය සඳහා වූ මෙම වැඩසටහන යටතේ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජීවනෝපාය සංවර්ධනය කිරීම වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.  


වත්මන් රජය බහුතර සිංහල ඡන්දයෙන් බලයට පත් වුව ද වර්තමානය වනවිට උතුරු-නැගෙනහිර දමිළ ජනතාව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර තිබේ.  


අනුකමිටුවේ සභාපතිවරයා ලෙස තමන්ව පත් කර ඇත්තේ ඒ නිසා බව ද දේවානන්ද මහතා සඳහන් කරයි.  
මෙම කර්මාන්ත කමිටුව තුළින් උතුරු-නැගෙනහිර පළාත්වල නව කර්මාන්ත රැසක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළේය.