දේශපාලනඥයන්ගේ වත්කම් සොයන්න ජනපති නියෝග


(දයාසීලි ලියනගේ)   

පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසකගේ වත්කම් හා දේපල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ජනාධිපති ​ෙමෙත්‍රීපාල සිරිසේන මහතා නියම කර තිබෙන බව වාර්තා වේ.   

මීට අමතරව මෙම දේශපාලනඥයන්ගේ කාර්ය මණ්ඩලවල නිලධාරීන් මීට පෙර කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳ විමර්ශනයක් කරන ලෙසට උපදෙස් දී ඇතැයි වාර්තාවේ.   


මුස්ලිම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් පවතින කතාබහ සහ ඇතැම් අයට එරෙහිව පවතින චෝදනා නිසා මෙම තීරණය ගැනීමට හේතුවී ඇතැයි දැන ගන්නට ඇත.   


මේ වනවිට දේශපාලනඥයන් ගණනාවකගේ සමීප සම්බන්ධතා ඇති කීප දෙනෙක්ම අත්අඩංගුවට පත්වී සිටින බව ද ආරක්ෂක අංශ සඳහන් කරයි.   


ඇතැම් දේශපාලනඥයන් අසාමාන්‍ය ලෙස මුදල් හා වත්කම් හිමි කරගෙන සිටින බවට ද ජනාධිපතිවරයාට පැමිණිලි ලැබී ඇති බව ද සඳහන් වේ.   


මීට අමතරව ඇතැම් දේශපාලනඥයන් ගේ කාර්ය මණ්ඩලය නීති විරෝධි කාර්යයන්හි යෙදී සිටින බව ද තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ.