දේශපාලන හිතවතාට බන්ධනාගාරයේ සුපිරි නවාතැනක් සැකසෙයි


(ජයන්ත සමරකෝන්) 

රිමාන්ඩ් භාරයට පත්වූද‌ා සිටම වැලිකඩ බන්ධනාගාර රෝහලේ ‘සුපිරි වාට්ටුවක’ පසුවන රජයේ ප්‍රබල පෙළේ දේශපාලන හිතවතෙකුට 

එම රෝහලෙන් සියලු සුපිරි පහසුකම් සැපයෙන බව එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. 

රෝහලේ අංක 3 වාට්ටුවේ පසුවන මොහුට රෝහලේ සියලු පහසුකම් සහිත වෙනම ‘සුපිරි නවාතැනක්’ සකස්කර දීමේ සූද‌ානමක් පවතින බව ද දැනගන්නට තිබේ. 


 මෙම සැකකරු බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේදී අසනීප තත්ත්වයක් පෙන්වා එදිනම රාත්‍රී රෝහල්ගතවී ඇති අතර පසුව කිසිදු රෝගි තත්ත්වයක් නොමැති බව කියමින් රෝහල් බලධාරීන් ඔහු රෝහලෙන් බැහැර කර ඇතැයි ද පැවසේ. 


 පසුව ඒ බැව් ඉහළ පෙළේ දේශපාලන බලවතුන් කීප දෙනෙකුට ආරංචිවී රෝහල් බලධාරියෙකු ගෙන්වා දොස් පවරා නැවතත් සැකකරු රෝහල් ගතකර ඇතැයි ද වාර්තා වේ.