දේශපාලන පළිගැනීම් විසඳන්න වැඩපිළිවෙළක්


(නාලක සංජීව දහනායක)  

දේශපාලන පළිගැනීමට ලක්වූවන් සඳහා වහා විසඳුම් ලබා දීමට ප්‍රධාන අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙත නියෝග කළ බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.  

 කෙටි කාල සීමාවක් තුළ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ දැඩි අවධානය යොමුකර ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරුන් සෘජු අධීක්ෂණය යටතේ ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් දෙන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.  


 එමෙන්ම මෙම වැඩපිළිවෙළ පිළිබඳව නිරන්තර අධීක්ෂණය මෙන්ම ප්‍රගති සමාලෝචනය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.