දේශපාලන ඥාතියාට කෝටි 40 ගෙයක්


(ජයන්ත සමරකෝන්)  
දේශපාලනඥයකුගේ සමීපතම ඥාතියෙක් කොළඹට ආසන්න නගරයකින් කෝටි 40ක මුදලක් වියදම් කර අතිසුඛෝපභෝගී නිවසක් මිලදීගෙන ඇති බව වාර්තා වේ.  

මෙම නිවසට යන අතුරු මාර්ගය දෙපස පිහිටි කුඩා නිවාස කීපයක් හා පරණ බෝතල් පත්තර එකතු කිරීමේ කඩයකට වටිනාකමින් දෙගුණයක් ගෙවා ඒවා ඉවත් කර තිබෙන බව ද සඳහන් වේ.  


රජයට සම්බන්ධ ආයතනයක මාළු සැපයුම්කරුවෙකු වන කෝටිපතියකුට අයත් මෙම නිවස ටෙනිස් ක්‍රීඩා පිටියක් හා නාන තටාකයකින් සමන්විත වේ.