දෙහිවල දුම්රිය බෝම්බයේ සැකකරුවන් නිදහස් කිරීමේ වෑයමක්


 

(ජයන්ත සමරකෝන්) 
දෙහිවල දුම්රිය කොටි බෝම්බය පුපුරුවා හැරීමෙන් විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමි කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වූ ප්‍රබල එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනෙකු බලපත්‍ර මත මුදා හැරීමේ සූදානමක්  ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 

මේ වන විට කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින රොබට් හා ආනන්දන් දෙදෙනා මෙසේ බලපත්‍ර මත මුදා හැරීම ​ සඳහා දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයිද පැවසේ. 


ඒ අනුව ළහි ළහියේ මෙම සිරකරුවන් දෙදෙනා මුදාහැරීමට අවශ්‍ය ලිපිලේඛන සකස් කරගෙන යන බවද එක් සිරකරුවෙකුට බන්ධනාගාරය තුළ විනය පරික්ෂණයක් පවා ඇති බවද දැනගන්නට තිබේ 


1996 ජූලි මස 4 වෙනි දින සිදුවූ මෙම දුම්රිය  බෝම්බ ප්‍රහාර​ෙයන් මිනිස් ජීවිත 64 ක් අහිමි වූ අතර 400 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.