දෙමළ පක්ෂවල සහාය දෙන්නේ ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති මතයි


උතුරේ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් 

(නිමල කොඩිතුවක්කු)   

ඉදිරි ජනාධිපතිවරණයේ දී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.   

මෙවර ජනාධිපතිවරණයට තම පාර්ශ්වයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බව සඳහන් කළ විග්නේෂ්වරන් මහතා ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයෙක් සමග එක්ව කටයුතු කරන බවත් සඳහන් කළේය.   


තම ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදිය හැකි සහ ඒ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති මත පදනම්ව ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණයක් ගන්නා බවත් ඔහු පැවසීය.   


ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු හා ඒ ඒ අපේක්ෂකයන් ස්ථිර ලෙස ප්‍රකාශයට පත්වීමෙන් පසු සෙසු දෙමළ පක්ෂ සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසීය.