දෙමළ ජාතික සන්ධානයේ අර්බුද පිටට දීමට විරෝධය


(සමන්තිකා මාධවී, නිෂාන්ත කුමාර බණ්ඩාර)   
දෙමළ ජාතික සන්ධානය අභ්‍යන්තරයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට පක්ෂනායක අාර්. සම්පන්දන් මහතා ඇතුළු පිරිසක් ගෙන ඇති තීරණය සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ තවත් පාර්ශ්වයක් සමග මත ගැටුමකට එළඹී ඇත.   

අදාළ තීරණය සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔවුන් සඳහන් කොට ඇත්තේ පක්ෂය ඇතුළත මතුවන ගැටලු පිටස්තරයට රැගෙන නොයායුතු බවයි.   


ඒ අනුව ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා මාලාවක් ඉදිරියේ දී පැවැත්වීමට පක්ෂය සැලසුම් කොට ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.   


මෙතෙක් කලක් පක්ෂය තුළ මතු වූ ගැටලුවලට බාහිර පාර්ශ්වයන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවූ හෙයින් ඉදිරියේ දී ද එය එසේ විය යුතුයැයි යන්න පක්ෂයේ බහුතරයකගේ අදහස වී ඇත.