දෙමළ ජනයාගේ ප්‍රශ්න ගැන රජය බලන ආකාරය සතුටුදායක නෑ


(නිශාන්ත කුමාර බණ්ඩාර) 
පළාත් පාලන මැතිවරණයෙන් පසු දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් නොලැබුණ හොත් ආණ්ඩුවට එරෙහිව බලපෑම් කිරීමට පසුබට නොවන බව දෙමළ ජාතික සන්ධානය අනතුරු අඟවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට පොරොන්දු වූ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට දෙමළ සන්ධානය ක්‍රියා කළ බව එහි නායක හා විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පැවැසීය. එහෙත් ආණ්ඩුව පත්වී වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත් තවමත් එම ගැටලු විසඳීමට ක්‍රියා නොකිරීම කනගාටුවට කරුණකි. 


මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු එම ගැටලු විසඳීමට ආණ්ඩුව ක්‍රිය නොකළහොත් ආණ්ඩුවට බලපෑම් කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඔහු අවධාරණය කළේය. 


යුද සමයේ උතුරේ දෙමළ ජනතාවට සැලකු ආකාරයත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම ප්‍රමාද වීමත්, ජිනීවා යෝජනාවලියේ දී එකඟවූ කරුණු පිළිබඳ ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.