දුම්රිය සේවය ගොඩගන්න පරිපාලනයම ඉවත් කළ යුතුයි


දුම්රිය එන්ජින් රියදුරු සංගමය 

 

(නිශාන්ත කුමාර බණ්ඩාර) 

දිනෙන් දින කඩාවැටෙන දුම්රිය සේවාව යළි ගොඩගැනීමට නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව දුම්රිය එංජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. 

මෙය ගොඩ ගැනීමට නම් පරිපාලනයේ සිටින සියලු දෙනා ඉවත් කළ යුතු බවත් බොහෝ දෙනෙකු මෙයින් කොමිෂන් ලබාගන්නේ කෙසේ ද යන්න පිළිබඳ සිතා සිටිමින් සිටින නිසා මෙය ගොඩගැනීම අපහසු කාර්යයක් බවත් ඔහු සඳහන් කරයි. 


 නව ව්‍යාපෘති කියමින් දුම්රිය සේවාව ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කළ සේවා සියල්ල අඩාළ වී ඇතැයි ඔහු චෝදනා කරයි. 


 කොළඹ සිට බෙලිඅත්ත දක්වා ඉදිකළ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කළ ද එහි බොහෝ අඩුපාඩු ඇතැයි උද‌ාහරණ ලෙස ඔහු පෙන්වා දෙයි. 


මේ සියලු ව්‍යාපෘති කොමිස් මුදල් මත සිදුවූ ඒවායි. සුලු පිරිසකගේ අවශ්‍යතා පමණක් මෙයින් ඉටුවෙන අතර රටේ හෝ මහජනතාවගේ අවශ්‍යතා මෙයින් ඉටු නොවන බව ද ඔහු සඳහන් කරයි.  දුම්රිය සේවාව පවත්වාගෙන යාමේ අරමුණින් නිලධාරීන් කැප නොවන්නේ නම් දුම්රිය සේවාව තවදුරටත් කඩාවැටීම වැළැක්විය නොහැකි බව ද දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය. 
මෙම සේවාව යළි ගොඩනැගීමට නම් නියම දැක්මක් ඇති මෙය දියුණු කිරීමේ අරමුණක් ඇති නිලධාරි පිරිසකට මෙය බාර දිය යුතු බව ඔහු සඳහන් කළේය.