දුම්රිය බස්රිය ආද‌ායම් අඩුවෙයි


(නිමල කොඩිතුවක්කු)  

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආද‌ායම සීඝ්‍රයෙන් පහත වැටී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.  

 ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආද‌ායම රුපියල් ලක්ෂ 140 කින් පහත වැටී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය.  


ඒ අනුව රුපියල් ලක්ෂ 190 ක්ව පැවැති දුම්රිය දෛනික ආද‌ායම රුපියල් ලක්ෂ 50 දක්වා පහත වැටී ඇති බවත් ඔහු සඳහන් කළේය.  


 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආද‌ායම රුපියල් කෝටි තුනකින් පමණ පහත වැටී ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි (ධාවන) ඒ.එච්. පණ්ඩුක මහතා පැවැසීය.  


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය දෛනික ආද‌ායම රුපියල් මිලියන 75 ක පමණ අගයක තිබූ බවත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් එය රුපියල් මිලියන 45 දක්වා අඩු වී ඇති බවත් පණ්ඩුක මහතා සඳහන් කළේය.