දියවැඩියා රෝගීන්ට කිතුල් හකුරු ගුණයි


(දයාසීලි ලියනගේ)  

දියවැඩියා රෝගීන්ට පැණි රස කාරකයක් ලෙසට පිරිසිදු කිතුල් හකුරු (සීනි මිශ්‍ර නොවූ) පාවිච්චි කිරීම ඉතාම යෝග්‍ය බව කාර්මික ආයතනය මගින් කරන ලද පර්​ෙ‌ය්ෂණයකින් අනාවරණය වී ඇත.  

සීනි භාවිතයෙන් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පිළිබඳ දර්ශකය (ග්ලයිසික් ඉන්ඩෙක්ස්) 80 ක් වෙන අතර පිරිසිදු හකුරු භාවිතයෙන් එම දර්ශකය 27 ක් වෙන බව සොයා ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කීය.  


දියවැඩියාවෙන් තොර පුද්ගලයෙක් සඳහා මෙම දර්ශකය 55 ට වැඩි නොවිය යුතුව ඇති බවද වෛද්‍ය පාදෙණිය මහතා කීය.  


මේ ර​ටේ කිතුල් ගස් ලක්ෂ 40 ක පමණ ප්‍රමාණයක් ඇතත් එයින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ ගස් ලක්ෂයක පමණ ප්‍රමාණයක් බව ද අනාවරණය වී ඇත.  


කිතුල් ගසකින් මාසයකට රුපියල් 60,000ට ක පමණ ආදායමක් ලබා ගත හැකි බව ද තක්සේරු කර ඇත.  
රටවල් 54 ක කිතුල් වැවෙන අතර ශ්‍රී ලංකාවේ කිතුල් ගුණාත්මක වටිනාකමින් යුතු බව ද මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත මේ අතර කිතුල් වැවිලි භෝගයක් ලෙසට ද ප්‍රකාශයට පත් කර ඇත.