දෑවැදි ප්‍රශ්න ආවත් පොහොට්ටු ශ්‍රීලනිප දීගෙ එහෙමමයි


හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ

(අජන්ත කුමාර අගලකඩ) 

දෑවැදි ප්‍රශ්න කොතරම් මතු වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිව තිබෙන දීගයට එය බාධාවක් නොවන බව ​පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 

ඇතැමුන් දෑවැදි ප්‍රශ්න මතු කරමින් දීගයට බාධාවන අයුරින් කටයුතු කළද මනාල ජෝඩුව මධුසමය හොඳින් ගත කරන බව කී ඇමැති රාජපක්ෂ මහතා ඒ අනුව දෙවැනි ගමනද ඉතා සාර්ථකව සිදුකරන බව සඳහන් කළේය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් ඉකුත් ජනාධිපතිවරණයේදී ඉතා හොඳින් පළමු ගමන ගිය බව කී රාජපක්ෂ මහතා ඒ ආදරය තවමත් එලෙසම පවතින බව කීවේය. 


පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේදකර ඉදිරි මහා මැතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් බලවේග උත්සාහ කළද ඊට ඉඩක් නොලැබෙන බවත් මතුවන ගැටලු නිරාකරණය කර ගනිමින් මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවත් බැසිල් රාජපක්ෂ මහතා කීවේය.