දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු ඔක්තෝබරය වෙනවිට අවසන් කළ යුතුයි


අගමැතිගෙන් උපදෙස්  

(දයාසීලි ලියනගේ)  

රටපුරා ක්‍රියාත්මක වන සංවර්ධන වැඩ සටහන් සියල්ල ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් මාසය වෙන විට අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු ඇමැතිවරුනට උපදෙස් දී ඇත. 

ගම්පෙරළිය වැඩ සටහන වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 200ක මුදල වියදම් කළ පසු නැවතත් ඒ සඳහා අවශ්‍ය මුදල් දීමට පියවර ගන්නා බවද අගමැතිවරයා සඳහන් කරයි.  


‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා’ වැඩ සටහන යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ණය දීමේ පළමු පියවරේ දී සිදුවූ අඩුපාඩු නිවැරැදි කර ගනිමින් පවතින අතර එම වැඩ පිළිවෙළ ද නිවැරැදිව කරගෙන යාමට උපදෙස් ලබා දී ඇත.  ඉදිරි මාස කිහිපයේදී සංවර්ධන වේගය තව තවත් වැඩි කරමින් ඊට අවශ්‍ය මුදල් යෙදවීමට  ද අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.