දරුවන්ට ඊ තාක්ෂණයෙන් එක දිගට පැයකට වඩා උගන්වන්න එපා


මනෝ වෛද්‍ය විශේෂඥ  

(අසුන්තා එදිරිසූරිය)  

කොරෝනා වසංගතය නිසා පාසල් දරුවන්ට ඊ තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාදීමේදී එක් විෂයක් පැයකට අධික කාලයක් එක දිගට ඉගැන්වීම නොකළ යුතු බව ගාල්ල කරාපිටිය 
ශික්ෂණ රෝහලේ මනෝ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය 
රමණී රත්නවීර මහත්මිය ප්‍රකාශ කළාය.  

දරුවන් ඊ - තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හදාරද්දී විශේෂයෙන් නිසි අධීක්ෂණයක් පැවැත්විය යුතු අතර, කාල කළමනාකරණයක් තිබිය යුතු බව ද වෛද්‍යවරිය කීවාය.  


එසේ නොමැතිව දරුවන් වැඩි වශයෙන් ඊ - තාක්ෂණයට යොමුවීමෙන් දැඩි මානසික ආතතියකට ගොදුරුවීමට ඉඩ තිබෙන අතර, ඊ - තාක්ෂණය යටතේ ඇති ක්‍රීඩාවලට හා කාටුන් චිත්‍රපටවලට ඇබ්බැහිවීම ද සිදු විය හැකි බවත් වෛද්‍ය රත්නවීර මහත්මිය ප්‍රකාශ කළාය.