දකුණේ වගේම උතුරේ අයටත් මියගිය අය සිහි කිරීමට අයිතියක් තියෙනවා


යාපනය මන්ත්‍රී විග්නේෂ්වරන්   

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

දකුණේ ජනතාවට මෙන්ම උතුරේ ජනතාවටද මියගිය අය සිහිකිරීමේ අයිතියක් ඇතැයි තමිල් මක්කල් තේසීය කූට්ටනී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.   

පසුගියදා ‘තිලිපන්’ ගේ ගුණ සමරු උත්සවයට ආණ්ඩුව විවිධ බාධා එල්ල කිරීමෙන් සිදුවූයේ විරසකවූ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සියලු දෙනා ඒකරාශි වීම යැයි ඔහු සඳහන් කළේය.   


වසර 30 ගණනක් පුරා මෙම සමරු උත්සවය පැවැත්වුවත් මේ වසරේදී එය පැවැත්වීමට ආණ්ඩුව විසින් බාධා පැමිණවූ බවද විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.   


මෙවැනි ගුණ සමරු උත්සවවලට බාධා එල්ල කිරීමෙන් සිදුවෙන්නේ අනවශ්‍ය ගැටුම් නිර්මාණය වීමක් බවත් එවැනි දේ වැළැක්වීමෙන් අනවශ්‍ය ප්‍රශ්න මතුවන බවත් ඔහු පෙන්වා දෙයි.