දකුණු පළාතේ වෛරසයෙන් දැනට 11 ක් මිය ගිහින්


(දයාසීලි ලියනගේ)  

ඉන්ෆ්ලුවන්සා, වෛරස් වර්ග දෙකක් සහ නියුමෝකොකල් බැක්ටීරියාවෙන් රෝගී වූ 800 ක පමණ ප්‍රමාණයක් දකුණු පළාතෙන් හමුවී තිබෙන අතර මේ වනවිට 11 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.  

 මේ පිළිබඳව කළ විමසීමේදී දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ මෙම රෝගී තත්ත්වය වසංගතයක් වීම වැළැක්වීමට සියලු පියවර ගෙන ඇති බවයි.  
දකුණු පළාතේ සියලුම රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලබාදී තිබෙන අතර පළාත පුරා පිහිටි පාසල්වල විදුහල්පතිවරු, කලාප අධ්‍යක්ෂවරු හා සෞඛ්‍ය සේවය සම්බන්ධ සියලු නිලතලවල නිලධාරින් දැනුවත් කර තිබෙන බවද වෛද්‍ය විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.  


මෙම ​රෝගී තත්ත්වය දරුවන් අතර පැතිරීමේ ප්‍රවණතාව වැළැක්වීමට විශේෂ අවධානයක් යොමුකර ඇති බවද ඔහු කීය.