දක්ෂිණ අධිවේගයේ ඉදිකිරීම් කටයුතු අර්බුදයක


 

(දයාසීලි ලියනගේ) 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම කටයුතු අර්බුදයකට ලක්වී ඇති බව කෝප් කමිටුවට වාර්තා වී ඇත. 

මෙම මාර්ගය ඉදිකිරීම සඳහා අනුමත කරන ලද බිලයන 103 ක මුදල බිලියන 126 ක් දක්වා වැඩි කළ යුතු බවට කරන ලද දැනුම් දීමත් සමඟ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අනිද්දා (19) මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවනු ලබන බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කීය. 


පස් පුරවා පාලම් අලුතෙන් ඉදිකිරීම වෙනුවට කුළුණු මත ඉදි කිරීමත් පාලම්වල දිගවැඩි කිරීමටත් පසුව දෙන ලද උපදෙස් නිසා වැඩිපුර බිලියන 23 ක මුදලක් වැයවෙන බව කොන්ත්‍රාත්කරුවෝ දැනුම් දී ඇති බව කියති. 


 මේ තත්ත්වය නිසා අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු අර්බුදයකට ලක්වී තිබෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.