තේ නිෂ්පාදනය නවීකරණයට අගමැතිගෙන් සැලසුමක්


(දයාසීලි ලියනගේ)   
අඩු මිනිස් ශ්‍රමයක් යොදමින් තේ නිෂ්‍පාදනය කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.   

ඒ යටතේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන තේ කර්මාන්තශාලා ඇති කිරීමටත්, තේ කර්මාන්තශාලා නවීකරණය කරමින් තරඟකාරී තේ නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ.   


ශීඝ්‍ර සංවර්ධනය හා නවීකරණය මත රටේ ආර්ථිකය රඳා පවතින බව අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසය වී ඇත.