තෙල් සංස්ථාවේ කෝටි 4ක ලිහිසි තෙල් අතුරුදන් වෙලා


(දයාසීලි ලියනගේ)  
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩාවල තිබූ කෝටි 4ක වටිනාකමක් ඇති ලිහිසි තෙල් තොගයක් අතුරුදන්වී ඇතැයි කියනු ලබන සිද්ධියක් පිළිබඳව ඉහළම නිලධාරියෙක් චෝදනා ලබා ඇතැයි වාර්තාවේ.  

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙම පරීක්ෂණ කණ්ඩායම ගිය සතියේදී සංස්ථාවට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.  කෝටි 35ක් වටිනා තාර වංචාවක් සම්බන්ධයෙන්ද චෝදනා ලබා ඇති මෙම නිලධාරියා පිළිබඳව තවත් පරීක්ෂණයක් පවතින බව සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


තාර බැරල් 75000ක ප්‍රමාණයක් අඩු මිලට අළෙවි කිරීම නිසා සංස්ථාව කෝටි 35ක අලාභයක් ලබා ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද ඔහු කීය.