තුන්වැනි පාසල් වාරය: තීන්දුව මේ සතියේ


(අජන්ත කුමාර අගලකඩ)  

රජයේ පාසල්වල තුන්වැනි වාරය ලබන 23 වැනිද‌ා ආරම්භ කළ හැකි ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ සතියේදී තීරණයක් ගැනීමට නියමිතය.  


මේ සම්බන්ධයෙන් ‘ඉරිද‌ා ලංකාදීපය’ කළ විමසීමේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ දිනෙන් දින වර්ධනය වන තත්ත්වය සලකා බලා ඒ පිළිබඳව මේ සතියේ රැස්වී තීරණයක් ගන්නා බවය.  

පාසල් වාරය යළි ආරම්භ කරනවා සේම සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බව ද මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළේය.  


 එම සියලු කරුණු සලකා බලා පාසල් වාරය ලබන සතියේ ආරම්භ කළ හැකි ද යන්න තීරණය කරන බව ද ඇමැතිවරයා කීවේය.