තුන්වැනි කොරෝනා රැල්ලක් එන්න පුළුවන්


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

දැනට කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් පහව ගොස් නැති අවස්ථාවක ජනතාවගේ හැසිරීම අනුව තුන්වැනි කොරෝනා රැල්ලක් මතුවීමේ අවද‌ානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 

ඇතැම් අය දුරස්ථභාවය ගැන කිසිදු සැලකිල්ලකට නොගෙන, නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය නොකොට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය.   
ඉදිරියේදී එළැඹෙන උත්සව සමයේ ජනතාව මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු අතර, විශේෂයෙන් කොළඹින් බැහැරව විනෝද චාරිකා යාම අවම කිරීම වඩාත් සුදුසු බව ඔහු පෙන්වා දෙයි. 

 
යම් හෙයකින් කොරෝනා තුන්වැනි රැල්ලක් මතුවීමේ තත්ත්වයක් ඇති වුවහොත් යළිත් වරක් සංචරණ සීමා පැනවීමේ තත්ත්වයක්ද මතුවීමේ ඉඩකඩ ඇතැයි වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.