තිස්සගේ දියණිය දුල්මිණි ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයට


(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)   

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ හිටපු අමාත්‍යවරයකු ද වන තිස්ස අත්තනායක මහතාගේ දියණිය දුල්මිණි අත්තනායක මෙනවිය ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තුන්වැනි ලේකම් ලෙස පත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත.   

ඒ සඳහා විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා විසින් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව තිබේ.   


මෙම යෝජනාව මීට පෙර ද ඉදිරිපත් කරනු ලැබුව ද වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය හිමි නොවීම නිසා කැබිනට් මණ්ඩල අනුමැතිය නොලැබී තිබිණි.  එහෙත් පසුව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය ඒ සඳහා ලබාදී තිබිණි.