තිස් වසරක මහින්ද‌ානන්දය මාර්තු 01 ද‌ා මහනුවරදී


පුනර්ජනනීය බලශක්ති සහ විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් පිරීම වෙනුවෙන් තිස්වසරක මහින්ද‌ානන්දය නමින් වැඩසටහනක් මාර්තු 1 වැනිද‌ා (අද) ප.ව. 3.00 ට මහනුවර ‘ද ගෝල්ඩන් ක්‍රවුන්’ හෝටලයේදී පැවැත් වේ. 

වසර 30 ක් පුරාවට මහින්ද‌ානන්ද මහතාගේ දේශපාලනමය ගමන්මගේ සංදිස්ථාන සහ සුවිශේෂ අවස්ථා විදහා දැකවෙන විශේෂ වාර්තාමය වැඩසටහනක් සමඟින් මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතාගේ චරිතාපද‌ානය එළි දැක්වීම ද මෙහිදී සිදුකිරීමට නියමිතය. 


මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු ද සහභාගි වෙති.