තැපැල් ඡන්ද අයැදුම්පත් පනස්අට ද‌ාහක් ප්‍රතික්ෂේපයි


(දයාසීලි ලියනගේ)  

ජනාධිපතිවරණය සඳහා තැපෑලෙන් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉදිරිපත් කර තිබූ අයදුම්පත් 58,000 ක් ප්‍රතික්ෂේපවී 
ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.   

තැපැල් ඡන්ද පාවිච්චි කිරීම සඳහා අයදුම්පත් ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබූ අතර එයින් අයදුම්පත් 58,000 ක් ප්‍රතික්ෂේප වී ඇතැයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


 තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 31 හා 1 යන දිනවලදී සිදුකෙරේ.  


එම දින දෙක තුළ ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ අයට ආයතන ප්‍රධානියාගේ අනුමැතිය මත අවස්ථාව ලබා දීමට නියමිතය.