තාර හිඟයෙන් පළාත්බද මාර්ග නඩත්තුව නැවතිලා


 

(දයාසීලි ලියනගේ) 

පළාත් පාලන ආයතන මට්ටමේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා බරපතළ තාර හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උසස් නිලධාරීන් පත් නොකිරීම නිසා තාර ඇනවුම් කිරීමේ ටෙන්ඩර් පත්‍රිකා විවෘත කිරීමට නොහැකි වීම හා ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තාර මිල ඉහළයාම මේ තත්ත්වයට හේතු වී ඇතැයි සඳහන් වේ. 


පළාත් පාලන ආයතනවල මාර්ග සංවර්ධනය සඳහා අවශ්‍ය 80x100 වර්ගයේ තාර පෞද්ගලික අංශයෙන්ද ගෙන්වනු ලබන නමුත් ජාත්‍යන්තර මිල ඉහළ යාම නිසා ඔවුන් ද බහුතරය තාර ගෙන්වීම තාවකාලිකව කල් දමා තිබෙන බව ද සඳහන් වේ. 


තාර ගෙන්වීමේ බලය සංස්ථාවට පමණක් පවරා තිබූ අතර පසුගිය කාලයේ දී ඒ සඳහා පෞද්ගලික අංශයට ද අනුමැතිය ලබා දී තිබුණි.