ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය ත්‍රස්තයන්ට උඩගෙඩි දීමක්


මහාචාර්ය ජී.ඇල්. පීරිස්

(දයාසීලි ලියනගේ)  

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති අතර, එමගින් ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට නීති සැකසී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.  

නව පනත යටතේ ත්‍රස්තවාදීන් සඳහා පවතින දඬුවම් ලිහිල් කර ඇති අතර, ත්‍රස්තවාදියකු අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගේ ඥාතීන් මෙන්ම මානව හිමිකම් කොමිසමද දැනුම්වත් කළ යුතු බවට ද නියම කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා කීය.  


මීට අමතරව ත්‍රස්වාදියකුට නඩු පැවරීමට වසර 10කින් කල් දැමීමට නීතිපතිවරයාට බලය ලබාදී ඇතැයි ද සඳහන් වේ.  මෙම පනත් සංශෝධනයෙන් ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දීමක් සිදුවී ඇති බව ප්‍රකාශ කළ මහාචාර්ය පීරිස් මහතා මෙම සංශෝධන පනතට එරෙහිවීමට ජනතාව දැනුවත් කරනු ලබන බවද ප්‍රකාශ කළේය.