ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට මර්දනකාරී පනතක් ගෙනෙන සූදානමක්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් චෝදනා

(උපුල් වික්‍රමසිංහ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට මර්දනකාරී විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ‘ඉරිදා ලංකාදීප’ය වෙත ඒ සම්බන්ධයෙන් පවසා සිටියේ ආණ්ඩුව මේ වනවිටත් එම පනත් කෙටුම්පත සකස් කර අවසන් බවය.


‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් ආණ්ඩුව ගේන්න හදන මේ පනත ඉතාමත් භයානක එකක්. වෘත්තීය සමිති, ජනමාධ්‍ය මර්දනය කිරීමට වුවමනා බලතල මේ පනත් කෙටුම්පතෙන් ආණ්ඩුව අත්පත් කර ගන්නවා. විශේෂයෙන්ම ආණ්‍ඩුවට විරුද්ධව නැගෙන මහජන උද්ඝෝෂණ මර්දනය කරන්න ආණ්ඩුව මේ මගින් උත්සාහ කරනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ලබාදුන් පොරොන්දුවක් ඉෂ්ට කිරීමක් හැටියට තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න හදන්නෙ’’ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.