ත්‍රස්ත කටයුතුවලට සැක 146ක් ප්‍රශ්න කිරීමට රඳවාගෙන


(දයාසීලි ලියනගේ)   

ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධයෙන් පුද්ගලයන් 146 දෙනකු මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන බව ආරක්ෂක අංශ මගින් රජයට දැනුම්දී තිබෙන බව වාර්තාවේ.   

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම පිරිස ඍජුව හෝ වක්‍රව ත්‍රස්තවාදයට සම්බන්ධ බවට සැක කරන බව ආරක්ෂක අංශ මගින් පෙන්වාදී ඇතැයි වාර්තාවේ.   
ත්‍රස්තවාදී කටයුතුවල යෙදී සිටීම ත්‍රස්තවාදීන්ට ඍජුව සහාය දැක්වීමට හා වක්‍රව සහාය දැක්වීමට මොවුන් කටයුතු කර ඇතැයි යන චෝදනා මත මොවුන් රඳවා ගෙන ප්‍රශ්න කරනු ලබන බවද ආරක්ෂක අංශ පෙන්වාදී ඇති බවද කියති.   


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආරක්ෂක නිලධාරින්ගේ රැස්වීමක දී මේ බව අනාවරණය වී ඇත.