තහනම් තිරිගුපිටි කන්ටේනර් 107ක් අතයට මුදලකට මුදා හැරලා !


(දයාසීලි ලියනගේ) 

නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද තිරිඟු පිටි කන්ටේනර් 107ක් අමාත්‍යංශයක හිටපු ඉහළ නිලධාරියකුගේ මැදිහත්වීමෙන් නිදහස් කර තිබෙන බව වාර්තා වේ. 

නීති විරෝධි ලෙස ගෙන්වා ඇති මෙම තිරිඟු පිටි තොගය ගොඩ බෑමට හිටපු ඇමැතිවරයෙක් අනුමැතිය ලබා නොදී ඇති අතර, අදාළ නිලධාරියාගේ අනුමැතිය මත අදාළ තිරිඟු පිටි තොගය නිදහස් කර තිබෙන බව අනාවරණය වී ඇත. තිරිඟු පිටි තොගය නිදහස් කිරීම සඳහා අදාළ නිලධාරියාට රුපියල් මිලියන 100ක මුදලක් ගෙවා ඇති බවද අනාවරණය වී ඇත. 
මුදල් ලබාගත් නිලධාරියා දැනට විශ්‍රාම ලබා සිටින අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද දැන ගන්නට ඇත.