තවත් සහල් ටොන් ලක්ෂ 2ක් රටින් ගෙනෙයි


(අජන්ත කුමාර අගලකඩ)  
එළැඹෙන උත්සව සමයේ සහල් මිල ඉහළයාම වැළැක්වීම සඳහා තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.   

එම සහල් තොගයෙන් සියයට 10ක් පමණ සතොසින් ආනයනය කර ඉතිරි සියයට 90ම පෞද්ගලික අංශය ලවා ගෙන්වීමටද රජය තීරණය කර තිබේ. සහල් ආනයනය කිරීම සඳහා දැනට තිබෙන සියලු බාධක ඉවත් කර අවශ්‍ය සහන ලබාදීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (07) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව වාර්තාවේ.  


ආනයනික සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 75ක පමණ මට්ට​ෙම් තබා ගැනීමටද රජයේ අවධානය යොමුවී ඇතැයි පැවැසේ.  
සහල්වලට අමතරව අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය මිල පාලනය සඳහා ඒවා ආනයනය කිරීමටද රජය තීරණය කර ඇත.